Amma kiyala baha thorana | Jude Rogans | MP3 | Remix

Amma-Kiyala-Live-Thabla-Mix-By-DJ-Malith-Madu-DJLanka.com.mp3 (Size : 6.72MB)
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතුවම බැරි උනා
ගන්නා හුස්මන් පවා
නැලවිලි ගීයක් උනා
මග හැරුනාද අම්මාව
පෙම් කරන දා
මා පෙම් කරන දා
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතුවම බැරි උනා
————————————
හුමාලෙට පවා මේ ඔබ පෙම් කලානේ
මහමෙර තරමට දරු දුක දරා
ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ
මා වෙනුවෙන් ඇත තවකෙක් බලා
අනුකම්පා කරලා දෙන්න පුතාට සමා
වෙනසක් නොකරමී මා…
මගේ අම්මට සසර පුරා..
අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමුවෙලා
මට නෑ හමුවෙලා..අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතුවම බැරි උනා
——————————————

මමමයි හිතින් මේ අවනඩු අහන්නේ
ඔබේ තැනට කවුරුත් නෑ සම වෙලා
ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ
හැම භවයෙ එනු මාගේ අම්මා වෙලා
අනුකම්පා කරලා
දෙන්න පුතාට සමා
වෙනසක් නොකරමි මා…
මගෙ අම්මට සසර පුරා…
අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමුවෙලා
මට නෑ හමුවෙලා.

—————————————-

අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතුවම බැරි උනා
ගන්නා හුස්මන් පවා
නැලවිලි ගීයක් උනා
මග හැරුනාද අම්මාව
පෙම් කරන දා
මා පෙම් කරන දා
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතුවම බැරි උනා